Life
දරු සම්පත් නැති අයට පිහිටට එන නළ දරු තාක්ෂණය
මීට වසර දහයකට පමණ පෙර නළ දරු උපත් සම්බන්ධව අප තුළ පැවතියේ ශ්‍රී ලාංකික
සාමාන්‍ය ජනතාවට එම පහසුකම් කිසිදිනෙක ලබාගත නොහැකි යෑයි කියාය. නමුත් අද
වන විට එම පහසුකම් ඕනෑම සමාජ මට්ටමක ජනතාවට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේදී
ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
වෛද්‍යතුමියනි, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ නළ දරු තාක්ෂණ පහසුකම් භාවිතා වන ආකාරය කෙසේද?
ශ්‍රී
ලංකාව තුළ අද වන විට ලොව අති නවීන පහසුකම් භාවිතා වනවා. ලොව පුරා භාවිතා
කරන අති නවීන රසායනාගාර පහසුකම් භාවිතා කරන අතිනවීන ක්‍රමවේදයන් සියල්ල අප
රට තුළ තිබෙනවා. එනිසා විදෙස් ගත නොවී ලංකාව තුළදීම තමාට අවශ්‍ය ඕනෑම නළ
දරු පහසුකමක් ශ්‍රී ලංකාව තුළදී ලබාගත හැකියි.
වෛද්‍යතුමියනි, මෙම නළ දරු පහසුකම් ලබාගත යුත්තේ කුමන මට්ටමේ පසුවන පුද්ගලයන්ද?
මද සරු බවින් පෙළෙන කාන්තාවන් සහ පිරිමින්ට මෙම තාක්ෂණ පහසුකම් තුළින් ඔවුන් අපේක්ෂා කරන දරු සම්පත් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ඩිම්බ
මේරීමේ ගැටලු පවතින කාන්තාවන්ට සහ ශුක්රානුවල සක්‍රීය බව අඩු පිරිමින්ට
IUI තියන තාක්ෂණය මගින් තමුන් තුළ පවතින දුර්වලතා සඳහා ප්‍රතිකාර ලබා
ගැනීමට පුළුවනි.
එහිදී ඩිම්බ මේරීමේ ගැටලු පවතින කාන්තාවන්ට නිසි
ඖෂධ මගින් ඩිම්බ මේරීම සිදු කිරීම ඇති කර ගත හැකියි. ශුක්රානුවල සක්‍රීය
බව අඩු පිරිමින්ට ශුක්‍රානු ඩිම්බයක් ආසන්නයේ තැන්පත් කර ගැනීම සිදු කර ගත
හැකියි.
මෙම පහසුකම් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි වූ විට
පරීක්ෂණාගාරයක් තුළ දී කලලයක් නිපදවා එය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත්
කිරීම සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා.
සාමාන්‍යයෙන් එවැනි
අවස්ථාවකට යා යුත්තේ IUI තාක්ෂණයෙන් ප්‍රතිඵල අසාර්ථක වූ විටයි. එම
තාක්ෂණය පස්වතාවකට වඩා සිදු කරන්නෙ නැහැ. එම අවස්ථා පහේදීම දරු කලලයක්
බිහි නොවේ නම් කලලයක් තැන්පත් කර ගැනීමේ පහසුකම් සඳහා යොමුවිය යුතුයි.
මෙහිදී පිරිමියාට තමාගේම ශුක්රානුවකුත් කාන්තාවට තමාගේම ඩිම්බයකුත් යොදාගෙන කලලය නිපදවා ගත හැකියි.
වෛද්‍යතුමියනි. මෙම බාහිරින් කලලයක් නිපදවා තැන්පත් කිරීමේ තාක්ෂණය භාවිතා කරන අනෙකුත් අවස්ථා මොනවාද?
කාන්තාවන්
තුළ පවතින එන්ඩොමෙටි්රයෝ සිස් නැමැති රෝගයේදී ඔවුන්ගේ ඩිම්බකෝෂයට සහ
පැලෝපීය නාළයට හානි සිදු විය හැකියි. එවැනි හානියකට ලක් වූ කාන්තාවන්ට
ස්වභාවික අයුරින් හෝ IUI තාක්ෂණයෙන් දරු කලලයක් සාදාගත නොහැකියි. එවැනි
කාන්තාවන් බාහිරින් කලලයක් සාදාගෙන ගර්භාෂයේ තැන්පත් කර ගත යුතුයි.
හෝමෝන
රෝග නිසා අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවන්ටත් (PCOS) මෙම
බාහිරින් කළලයක් සාදාගෙන ගර්භාෂයේ තැන්පත් කර ගැනීමේ තාක්ෂණය යොදාගත
හැකියි.
ඇතැම් පුරුෂයන්ගේ උපතින්ම ශුක්රානුවල දුර්වලතා පවතිනවා. එවැනි අයටත් මෙම තාක්ෂණය මගින් දරු කලලයන් සාදා ගත හැකියි.
මෙම
තාක්ෂණයේ ඇති වටිනාකම වනුයේ ශුක්රානුවක් සහ ඩිම්බයක් බාහිර පරිසරයකදී
සංසේචනය කරන නිසා කිසිදු වෙනත් ගැටලුවක් මතුවන්නේ නැහැ. එය ඉතා නිවැරදිව
සංසේචනය කර කලලය සාදනවා.
පුරුෂයින්ගේ ශුක්රානුවල සක්‍රීය බව ඉතා
දුර්වල නම් එවැනි අවස්ථාවකදී ශුක්රානුවක් ඩිම්බයකට එන්නත් කර සංසේචනය
කිරීම (ICSI) තාක්ෂණයකුත් තිබෙනවා. එම පහසුකම්ද ශ්‍රී ලංකාවේ භාවිතා වන
නිසා එම පහසුකම් මගින් වුව දරු කලලයක් සාදාගත හැකියි.
වෛද්‍යතුමියනි. මෙම නළ දරු තාක්ෂණයෙන් දරුඵල ලබා ගත හැක්කේ එක්වරක් පමණද?
නැහැ.
තමුන්ට අවශ්‍ය නම් තවත් කිහිපවරක් වුව දරුඵල ලබාගත හැකියි. එසේම ඇතැම්
අවස්ථාවලදී සාමාන්‍ය මදසරු බව පැවැති කාන්තාවන්ට නළ දරු උපතින් පසු
ස්වභාවික අයුරින් කලලයක් සංසේචනය වන අවස්ථාවන් තිබෙනවා. එයත් ඔවුනට එක
වාසියක් වෙනවා.
එසේම බාහිරින් කලලයක් සංසේචනය කිරීම සඳහා ඩිම්බ
කිහිපයක් ලබාගන්නා නිසා ඉතිරි ඩිම්බ විද්‍යාගාරයේ තැන්පත් කර තබා පළමු දරු
ප්‍රසූතියෙන් පසු දෙවැනි දරු ප්‍රසූතිය සඳහා එම ඩිම්බ යොදා ගත හැකියි. මෙය
නළ දරු තාක්ෂණයේ පවතින තවත් අමතර වාසියකි.
ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා දුරකථන අංක 0114897897 ඇමැතිය හැකිය.
ප්‍රජා වෛද්‍ය චම්පා නෙල්සන් නුගේගොඩ
"අපේක්ෂා" රෝහල
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks